Monday, January 26, 2015

138. ~~~~~~ ඇස්බැන්දුම් සහයිකාව ~~~~~~




උඹ වෙනුවෙන්

අතුරුදන් වෙමි,
කවන්ධ වෙමි,
රුදු කිනිසි පහරින් නොසෙල්වෙමි...

පාවෙමි,
ගිලෙමි,
කැබලි වෙමි.

යලි

ඔල්වරසන් ඉල්වා දෙමින්
වෙන තැනකින් මතුවෙමි......



ඇස්බැන්දුම් බව
නොසිතමි...

වරක් හෝ එසේ වනතුරු
දින ගනිමි!




2 comments:

  1. කැපකීරීම දවසක තේරුම් ගත්තොත් නම් හොදයි..

    ReplyDelete
    Replies
    1. සහයිකාවන් කාගේත් තත්වය මෙහෙමයි නේද?

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...