Wednesday, September 24, 2014

89. අවබෝධය



කියනු බැරි විඩාවෙන්
උන්නාට මම
අදත් ගෙට එනකොටම
ඔබ කියයි....
'ඔයාට පුරුදුනේ දැන්'

11 comments:

  1. කියනු බැරි විඩාවද
    පුරුදු වීමට
    බැරිකමක් නැත

    ReplyDelete
    Replies
    1. හැමදාම එය
      නොගිනියහැකි තරම්
      වනු වලක්වනු බැරි...

      Delete
  2. ඔබ ගෙට එනතුරා
    බලා සිටි....

    විඩාවට පත් මා නෙතු
    කියයි මට.....

    'ඔයාට පුරුදුනේ දැන්'

    ReplyDelete
  3. පුරුදු වීමට නම් සිදුවෙයි
    අකමැත්තෙන් වුනත්
    මේ ලංකාවනේ

    ReplyDelete
    Replies
    1. ලංකාව පමණක් නොවේ
      රට කුමක් වුවත්
      'ගති' ලාංකික අපි
      පුල්ලි නොම වෙනස් වන
      කොටියෝය කැලේ හැරී

      Delete
  4. තව සතියක් දෙකක් ඉවසන්නකෝ..

    ReplyDelete
    Replies
    1. ඒ මොකද අප්පේ ඒ??? මොකක් හරි සුනාමියක්වත් එනවද? නැත්තම් චන්දයක්? චෑ ... චෑ ... දෙකම එකයි නේ

      Delete
  5. මට දැන් පුරුදුයි
    විඩා මතින්
    නැගෙන හීන
    හුස්ම පොදක
    නැගලා
    ඈතට ඈතට
    පාව යන හැටි
    බාලාගෙන ඉන්න
    පණ තියෙන කල්
    හද ගැහෙන කල්
    එකදිගට
    එකම ලෙස

    මම රොබෝ
    උඹ බබෝ

    ReplyDelete
    Replies
    1. මම රොබෝ නම්
      කොතරම් අගනේද?
      ඔබ රොබෝ නිසාවෙන්

      රොබෝවෙක් වෙන්න බැරි
      මම විඳිමි - අමාරුව

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...