Friday, July 12, 2013

21. පුද්ගල සම්බන්ධතා (Relationships)

මම මේ ගැන ලියන්න හිටියේ ගොඩ දවසක ඉඳලා. 

එත් කොහොම ලියන්නද කියල හිත හිත උන්න මිසක්... පටන් ගත්තේවත් නැහැ....

සමහර වෙලාවට මම මේ ලියන්න යන දේවල් මම මම ගැනම ස්වයං චරිත නිරුපනයක්වෙයි කියල බයට නතර කරගෙන ඉන්න හින්ද වෙන්න ඇති මම මෙතරම් කල් ගත්තේ. 
එත් සමා  වෙන්න.... ලියන්න හිතාගෙන ඉන්න දේවල් ගොඩක් හින්ද මම මේක දවස් කීපයක් , පිටු කීපයකට ගොනු කරන්න හිතන් ඉන්නේ.

Relationships  කියන දේවල් අපේ ජිවිතේ හැමෝගෙම තියෙනවා නේ. එක එක කාලෙට එක එක විදියට... මට නම් මගේ පව්ලේ අය ඇරුණම , මගේ යාළුවො ඉතාම වැදගත්! 

"හැක.. හැක... ඒ මොන විකාර කතාවක්ද? අපිටත් එහෙම තමයි හලෝ ..." ගොඩ දෙනෙක් එහෙම කියයි... 

ඔව් එක ඇත්ත. මම කියන්නේ මට සාපේක්ෂව නේ. මට සාපේක්ෂව මගේ යාලුවෝ මට වැදගත් වෙන්නේ මෙහෙමයි..  කොටින්ම කියනවා නම් මට යාලුවෝ නැතුව ඉන්න බැහැ !!! මම මේ කතා කරන්නේ මගේ ඔෆිස් යාලුවෝ ගැනවත් මගතොටේදී හම්බවෙන යාලුවෝ ගැනවත් නෙවෙයි... 
ඉතාම නොසැලකිල්ලෙන් තමයි මම යාලුවෝ තොරගන්නේ.... ඒ කියන්නේ මම ඉතා ඉක්මනින් යාලුවෝ හදාගන්නවා. ඒ මම පොඩි කාලේ ඉදන්ම හැටි! ගෙදර නිහඩ චරිතයක් වන මම එලියට ගියාම වෙනස් කෙනෙක්..... 

ඔන්න ඔතන තමයි මගේ අවුල !


ඉස්සර තරම් මම යාලුවෝ දැන් විස්වාස නොකලත්, මම යාලුවන්ව ඔලුවේ තියාගෙන තමයි ඉන්නේ.... කොටින්ම මම යාලුවෙක් වෙනුවෙන් මගේ වැඩ පාඩු කර ගන්නවා කිසි තේරුමක් නැතුව.... ඒ කියන්නේ ඉස්සර මම කැම්පස් ඉන්න කාලේ මගේ පාඩම් කරන කාලේ යාළුවන්ට කුප්පි දාන්න  ගිහිං  නිකන් පච වෙලා තියෙනවා.... (අපේ කැම්පස් එකේ නම් ඒවා මෝඩ  වැඩ..... ඔය කට්ටිය මොන වැල්  බයිලා කිව්වත්.... එතරම් තරගයක් තියෙන්නේ ඇතුලට ආවත්..) 

එහෙම වෙලත් මම සමහර වෙලාවට උන් පස්සෙම යනවා.... උන් මාව use  කරනවා... එත් මම යනවා.... 

අනෙක් Relationships  ගැන උනත් මට හිතෙන්නේ ඕක සුලබ සිද්ධියක් කියල... අපි දන්නවා උන්ට අපිව ඕනේ නැහැ කියල... එත් පස්සෙන්ම යනවා.... වෙන මොනවත් නැතුව අබිං  කාල වගේ වැඩ කරනවා.... දැන් සිහිය එයි... දැන් සිහිය එයි... කියල අපිම බලාපොරොත්තු උනත්... සිහිය එලවාගන්න බැහැ  නේ අප්පා..........

logical  thinking කොහෙද තියෙන්නේ කියල හිතෙනවා..... logic  එකට අහු වෙනවා.... එත් අප්පා වෙන්නේ නැහැ නේ...

4 comments:

  1. මොකද බොල මේ දවසකට පෝස්ට් තුනක් දාන්නේ? උඹත් මහ අන්තවාදිනියක්. එක්කෝ අවුරුදු තුනකට පෝස්ට් දෙකක් දානවා. නැතිනම් දවසට පෝස්ට් තුනක් දානවා. :D

    ඕක schedule කලා නම් හරිනේ. මේ වැඩේ අපරාදයක්.

    ඔය තියරියම තමයි පුද්ගලික සම්බධතාවයන්ටත් තියෙන්නේ, අන්තයකට යන්න හොඳ නෑ.

    ReplyDelete
    Replies
    1. හි හි හි.... ඔව් අප්පා.. කතාවේ අත්තක් තියෙනවා... ඒත් ඉතින් වෙලාව තියෙන හැටියට දානවා අනේ. ලියල ඉඅවර උනාම පොස්ට් කරන්නමයි නේ අප්පා හිත! draft කරගෙන ඉන්නවා එකක්... ටයිප් කරන්න තියෙන කම්මැලි කමට.....

      හොදයි හාන්දුන්නේ එහෙනම් තරහ අවසර... එහෙම කොරන්නම් කෝ....

      Delete
  2. අනේ මගෙත් ඔය කේස් එක තියෙනවනේ.... ඕනවට වඩා විශ්වාස කිරීමේ පුරුද්ද.... අපි හිතන්නේ අපි වගේමයි අනිත් අය කියලත් නේ... අනේ මොන බොරුද.... මං නම් දැන් යාළුවො වුනත් ප්‍රවේසමෙන් තමයි ආශ්‍රය කරන්නේ.....

    ReplyDelete
    Replies
    1. මම කියන්නේ නැහැ මම විස්වාස කරනවා වැඩි කියල සමනලී.... මම කියන්නේ සමහර වෙලාවට ඇත්ත තත්වේ දැක දැකත්.. තවත් ඒ පස්සෙම යන එක ගැන......

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...