Monday, June 24, 2013

13. හැංගිමුත්තම්


මේකත් මගේ පුංචි කාලේ උන සිද්දියක්.....
ඇත්තටම මට තිබුනේ ගොඩක් දේවල් එකට එකතු උන ජාතියේ ළමාකාලයක් .. මම එහෙම කියන්නේ, සතුට, දුක ත්‍රාසය, විප්ලවය වගේ ගොඩක් දේවල් තිබුන හින්ද.

අපි අලුතෙන් ගේ හදන කාලේ අපේ ගෙදර පුදුම සෙනගක් හිටියේ.. මට නම් ඕනේ තරම් අය්යල, අක්කල හිටිය හැබැයි ඉතින් මම බට්ටෙක් වගේ පොඩි නිසා එයාලගේ වැඩ වලට මාව  ගාවාගන්නේ නම් හරිම අඩුවෙන්.. ඒ ගැන මම තව කියන්නම්කො පස්සේ..

නිවාඩු කාලේ කියන්නේ මට නම් වසන්ත සමයක්.... මම දන්නේ නැහැ අපේ දවස් වල නම් නිවාඩු කාලේ කියන්නේ කොතරම් නිවාඩුද කියනවා නම් ආපහු ඉස්කෝලේ යනකොට මට නම් අකුරුත් අමතක වෙන තරම්! ඒ දවස්වල හැම නිවාඩුවටම අපේ මාමා ගේ ළමයි අපේ ගෙදර එනවා. එයාල ලොකුයි... කොටින්ම එහෙ හතරදෙනාගෙන් බාලම අක්කත් අපේ අය්යටත් වඩා අව්රුදු කීපයක් වැඩිමල්... 
එහෙ අක්කල ආපු ගමන් අපේ අක්ක කරන්නේ මාව තඹේකට  මායිම් නොකර අරින එක. ඒ ගැන නම් මට අදටත් තියෙන්නේ පපුව පැලෙන තරම් දුකක්.... මොකද මට සෙල්ලම් කරන්න කිසි කෙනෙක් නැහැ එතකොට ඉතින් මමත් බට්ට වගේ ඉගෙන ඇත අරින්නේ නැහැ game  එක! මම කරන්නේ මාව ගන්නේ නැත්තම් පැත්තකට වෙලා හොරෙන් හරි බලාගෙන ඉන්න එක.... දැන් නම් මම පව් කියල හිතෙනවා.... හික් හික්.....



ඔන්න ලොකු අක්කි, පොඩි අක්කි, මද්දු අක්කි ඔක්කොමල අපේ අක්කත් එක්ක සාලේ කැකිරි පල පල හිටිය මට නම් මොකවත් ඇහුනේ නැහැ.. ( මට ඒ දවස්වල ඉදලාම ඔය සතර කන් මන්ත්‍රණ ඇහෙන්නේ නැහැ අය්යූ.... පුදුම දුකක්!) ඒ දවස්වල අපේ ගෙදර තාප්පේ ගහල තිබ්බේ නැහැ... නිකම් වැටමාර වැටක් විතරයි තිබ්බේ....

"ට්‍රීන්!......."

ඔන්න ඉතින් එකපාරට ගෙදර door  bell  එක වැදුනා.  අක්කලාගේ කිචිබිචිය එකපාරට නතර උන. හැමෝම එකිනෙකාගේ මුණු බල ගත්ත.

මට ඒ වෙලාවේ තේරුනේ නැහැ ඇයි  එහෙම කලේ කියල... අපේ අක්ක දුවගෙන ගිහින් දොර ඇරිය ... මම හිටපු තැනින් යන්තම් එබිලා බැලුව.

"කෝ කව්රුත් නැහැ නේ" අක්ක කිව්වා. කියල ඇවිත් වාඩි උන. ආයෙත් කිචි බිචිය..... විනාඩියක් ගියේ නැහැ...

"ට්‍රීන්...." ආයෙත් door  bell  එක වැදුන.... අක්කල ටික කිහිබිචිය නතර කළා... ගිහින් දොර ඇරියා.. එකම කතාව... කව්රුත් නැහැ දොර ගාව...

ආයෙත් අපේ අක්කලාගේ කිචිබිචිය....  ආයෙත් door  bell  එක! මේ පාර නම් මට වචන කීපයක් අහුලගන්න පුළුවන් උනා..

"... අරය... ඔව්... අරය...." ඔන්න ඔච්චරයි මට යන්තම් ඇහුනේ... ( තුහ් විතරක්... කිසිම හෝඩුවාවක් නැහැ නේද ? :-D  )

විනාඩි 3ක් විතර ගත  උනා...

"ට්‍රීන්!..." ආයෙත් door  bell  එක..

අක්කල හය්යෙන් කැකිරි පලන්න ගත්ත.... මම ඉතින් සුටි එකා නේ... මට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ... කව්රුත් නම් දොර අරින්න ගියේ නම් නැහැ...

"ට්‍රීන්!......" door  bell  එක නැවතත්....

අක්කල මුනෙන් මුණ බලාගෙන එක පාරටම කටවල් ටික ඇරියා... හරියට නිකන් අර බක්තිගීත කියන්න වගේ....

"හා... හා.........අපි     ද........න්....න.....වා..........................." 

ඉතා හොද ගායිකාවන් කණ්ඩායමක් වගේ අක්කලා හතර දෙනා එහෙම තා.............ලෙට ඇද.....ල  පැද.........ලා  කිව්වා... මට නම් එක පාරට මැවුනේ අපේ ඉස්කෝලේ choir එක... අනේ මන්ද උපමාව වැරදිද කියල....

තත්පරවිස්සක් විතර ගෙවුන ඉතාමත් නිහඩව!

"ට්‍රීන්.." ඉතා යන්තමට වගේ ආයෙත් door  bell  එක! ඔන්න එතකොට බලන්න ඕනේ එයාලගේ මුණු ටික! 
ඔක්කොමල්ල ටික එක  පොදියට  දොර ගාවට දිව්වා... ලොකු අක්ක පැනපු ගමන් දොර ඇරියා එකපාරට.. හරියට හොරෙක් අල්ලන්න වගේ... මහා නිහඩතාවයක්......

".........................................................."

මම හිටපු තැනින් නැගිට්ට කව්ද මේ හොරා කියල බලන්න.
දොර ගාව බිරාන්ත වෙලා හිටියේ වෙන කව්රුත් නෙවෙයි... 


වෙනදට ලියුම් ගේන  තරුණ ලියුම් කාරය!!!! &^$%$%^

මිනිහ බය වෙලා ගල් වෙලා එක පාරට කෙල්ලෝ පොදියක් ඇගට කඩන් පනින්න හදනකොට.... ඒ මදිවට අක්කල ඊට තත්ත්ප ගානකට කලින් හුරතල් විදියට කරපු ආමන්ත්‍රනෙට පුදුමයි ඌ කලන්තේ නොදැම්මා!!!

ප.ලි. - කලින් අක්කල කැකිරි පලනකොට door  bell  එක ගහල තියෙන්නේ ළඟ ගෙදරක යය කෙනෙක්... එය කොහොමත් අපේ මාමලාගේ දුවල ආවම ඔය වගේ වැඩ කරනවා. එයා හේර try  එකක් දුන්න එක කෙල්ලෙක් හරි ගොඩ දාගන්න... හි.. හි... හරි ගියේ නැහැ මම හිතන්නේ... අනේ අපි දන්නේ නැහැ නේ ඔව්ව.. මම පොඩි ඒ දවස්වල.... හික්..
pic: Google

2 comments:

  1. පොඩි කාලේ මතක!

    ඔන්න නිදහස් සිතුවිලි එකේ රවියත් ඉස්සෙල්ලම මොන්ටිසෝරි ගිය එක ගන ලියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. එයාගේ නම් පොඩි කාලේ කියල වැඩක් නැහැ.... අපිට ඉතින් පොඩි පොඩි සිද්දි තමයි කියන්න වෙන්නේ මට මොන්ටිසෝරි යන්න ඕනේ වෙලා නැහැ... අපේ අක්කයි අය්යයි එකතු වෙලා ඒ කොටස කරලා ලු තිබ්බේ....
      ස්තුති කොමෙන්ටුවට.

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...