Friday, May 31, 2013

05. හිතේ තියෙන දේවල්..


කියාගන්න බැරුව හිතේ තියාගෙනම ඉන්න පුළුවන් ජාති කීයක්  තියෙනවද?
1. ආදරයක් 
2. වෛරයක් 
3. පිළිකුලක් 
4. අතිශය භයංකර රහසක් ( කීමෙන් පිහිඇනුමක් , ජිවිත හානියක් ඇතිවියහැකි)

තව මට මතක් වෙන්නේ නැහැ නේ.......
මම අංක දැම්මේ හේතුවක් ඇතුව. මොකද ඒ තියෙන පිළිවෙලට තමයි මගේ ලිස්ට් එක නම්.

කියාගන්න බැරුව හිතේ තියන් හිටපු සහ තියන් ඉන්න ආදරයන් ගැන නම් ඉතින් මම කියන්න ඕනේ නැහැ නේ. 

වෛරයක් ගැන උනත් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හිතේ තියාගෙන ඉන්න වෛරයන් එලියට එනකොට එක එක හැඩතල ගන්නවා. කැපිලි, හින්ට් ගැහිලි වගේ...

පිළිකුල උනත් එක එක හැඩරුව ගන්නවා හිතේ තියාගෙන හිටියොත්. ගොඩක් වෙලාවට මම දැකල තියෙන දෙයක් තමයි සේවා ස්ථානයේ තියෙන සදාකාලික 'බොසා විසින් පිළිකුල් කරන සේවකයා' සහ 'සේවකයා විසින් පිළිකුල් කරන බොසා' (ඉදල හිටලා ඊට වෙනස් කතා තියෙනවා)

මම බය මේ අන්තිම ජාතියේ එකට! කව්රුහරි ඔයාට කිව්වොත් ඒ වගේ රහසක්???? එහෙම නැත්තම් ඔයාට ඒ වගේ රහසක් තියෙනවා නම්????? අපොයි දෙය්යනේ.... නින්ද යන්නේ නැහැ අප්පා..........

Thursday, May 9, 2013

04. පල්ලෙහා ගෙදර නංගිගේ රෙකොර්ඩ් පොත


අපේ ගෙදරට පහළ ගෙදරට අපි හැමෝම විතරක් නෙවෙයි අහල පහළ හැමෝමත් කිව්වේ "පහළ ගෙදර " කියලා. ඒකෙ ඉතින් අමුත්තක් නැහැ නේ.

ඒ ගෙදර ගැන නම් ඉතින් ලියන්න දේවල් ගොඩක් තියෙනවා. මොකද අපේ ගෙදරට නිතර ආව ගිය අය  වගේම එයාලගේ ගෙදර අපිත් ඉස්සර නිතර යනවා එනවා.

මම මේ කියන දවස් වල ඒ ගෙදර හිටියා නංගි කෙනෙක්, අපිට වඩා අව්රුදු පහක් විතර බාල. එයාට ගෙදර කිව්වේ "බර්නි" කියල.

ලංකාවේ අයගේ තියෙනවා නේ විකාර පුරුද්දක්.. ගන පිහිටවලා... වෙලාව බලලා ... දන්නා සුත්තර ඔක්කොම කරලා උප්පනෙට දාල නමක්... ඒකට පොඩ්ඩක්වත් ලගින්වත් යන්නේ නැති විකාර නමක් කියල ගෙදරට කතා කරනවා!